ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා යුද හමුදාවේ තවත් භටපිරිසකට පුහුණුව

අප්‍රේල් 08, 2021

ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලාව සහ උසස් සටන් සුනඛ පාඨමාලාව හැදැරූ ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් විසිරයාමේ පෙළපාලිය ඊයේ (අප්‍රේල් 7) දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති සහ මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලා අංක 28 හැදෑරු කමාන්ඩෝ භටයින් 56 දෙනෙකු සහ උසස් සටන් සුනඛ පාඨමාලා අංක - 09 හැදෑරු කමාන්ඩෝ භටයින් 32 ක් මෙහිදී විසිර යන ලදි.

මෙම පාඨමාලාවන් හැදෑරු කමාන්ඩෝ භටයින් විසින් මෙහිදී නිදර්ශනයක් ඉදිරිපත් කල අතර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය.