හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට යුද හමුදාවෙන් කෘතිම අත් පා

අප්‍රේල් 11, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් මානුෂීය මෙහෙවරක් ලෙස වර්තමානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  සේවය කරන එල්ටීටීඊයේ හිටපු සාමාජිකයන් 64 දෙනෙකුට නව කෘතිම අත් පා නොමිලේ ලබා දීමේ වැඩසටහනක්   අනුරාධපුර ‘අභිමන්සල -1’ හි දී ආරම්භ කරන ලදි.

වර්තමානයේ  උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටින ශාරීරික ආබාධිත එල්ටීටීඊයේ හිටපු සාමාජිකයන්ට   ‘අභිමන්සල -1’ වෙත ආරාධනා කර  රු. මිලියන 4 ක් වටිනා නව කෘතිම අත් පා මෙම මාසය තුළ නොමිලේ ඔවුන්ට ලබා දෙනු ඇත.

ශාරීරික ආබාධිත රණවිරුවන් සඳහා කෘතිම අත් පා සෑදීමේ ව්‍යාපෘතිය අනුරාධපුර පුරස්ථිති හා විකලාංග ආයතනයේදි ආරම්භ කරන ලද්දේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ය.

මානුෂීය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඇටවූ බිම්බෝම්බ හේතුවෙන් අත් පා අහිමි කරගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බොහෝදෙනෙකු, වර්ෂ 2010-2012 කාලය තුළ රජය විසින් ඔවුන් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ ශාරිරික ආබාධ නොතකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථා ලබාදී රටේ නීතිගරුක පුරවැසියන් ලෙස සමාජයට එක් කරන ලදි.

ශාරීරික ආබාධ තිබියදීත් ඔවුන්ට උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රැකියා ලබා දී ඇත.

එමෙන්ම, එම සේවාව නොමිලේම ලබාගන්නා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකල යුද්ධයෙන් ශාරීරික ආබාධ වූ සිවිල් වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක: 011-2958077 (රාගම රණවිරු සෙවන) සහ 025-2225151 (අනුරාධපුර අභිමන්සල -1) අමතන්න.