හුදෙකලා කල ප්‍රදේශ සහ වසාදැමුණු පාසල්

අප්‍රේල් 26, 2021

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අද (අප්‍රියෙල් 26) දින රාත්‍රී 8.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරුලුගෙදර සහ කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම අද රාත්‍රී 8.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදෙකලා වනු ඇත. 

කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුරු සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා වනු ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පූම්පුහාර් ග්‍රාම නිලධාරි වසමද එම වෙලාවේදීම හුදෙකලා වනු ඇත.

මේ අතර, බස්නාහිර පළාතේ සහ වයඹ පළාතේ සියලුම පාසල් සිකුරාදා (අප්‍රේල් 30) දින දක්වා වසා දැමීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාතේ සහ වයඹ පළාතේ රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් වසා දැමෙනු ඇත.