තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අප්‍රේල් 27, 2021

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් දෙකක් හුදකලා කර ඇති බව අද (අප්‍රේල් 27) දින උදෑසන ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව, හිගුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ උකුවෙල පල්ලේකුඹුර ග්‍රාම නිලධාරී වසම හුදකලා කර ඇත.

කෝවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා ඊයේ (අප්‍රේල් 26) දින රාත්‍රී 8.00 සිට දිස්ත්‍රික්ක තුනක හුදෙකලා කරන ලද ග්‍රාම නිලධාරි වසම් අටට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම්ද හුදෙකලා කර ඇත.