තවත් පැළ 100,000 ක් රෝපණය කිරීමට යුද හමුදා දායකත්වය

අප්‍රේල් 28, 2021

රට තුල වනගහනය ඉහළ නැංවීම සඳහා යුද හමුදා භටපිරිස් ‘තාරුණ්‍යයෙන් සැමට’ ස්වේච්ඡා සංවිධානය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භට පිරිස් සමග එක්ව පසුගිය දිනක වැලිකන්ද කවුඩගල වනාන්තරය ආශ්‍රිතව දේශීය වටිනාකමින් යුත් පැළ 1000 ක් රෝපණය කරන ලදී.

එ අනුව ඉදිරි වසර දෙක තුළ පැළ 100,000 ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇත.

පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි (විශ්‍රාමික), තාරුණ්‍යයෙන් සැමට ස්වේච්ඡා සංවිධානයේ නිර්මාතෘ හා අධ්‍යක්‍ෂ ලසන්ත නිර්මාල් මහතා  ඇතුළු එහි ස්වේච්ඡා සාමාජිකයින්, යුද හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භට පිරිස් සහ වැලිකන්ද ප්‍රදේශයේ සිසු සිසුවියන් මේ සඳහා සහභාගී විය.