දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වැසේ

අප්‍රේල් 28, 2021

කොරෝනා වෛරසය ආසාධිත සේවකයින් තිදෙනෙකු හදුනාගැනීමෙන් අනතුරුව, අද (අප්‍රේල් 28) දින උදෑසන 6.00 සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමීමට කටයුතු කර ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය දැනුම් දෙයි.

එබැවින් අධිවේගී මාර්ගය භාවිතා කරන මෝටර් රථ හිමියන්ට අතුරුගිරිය සහ කහතුඩුව  පිටවීමේ ස්ථාන භාවිතා කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. අධිවේගී මාර්ගයට ඇතුළු වීමට වාහනවලට අවසර දෙන නමුත් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකෙරේ.

කෙසේ වෙතත්, බස් රථ සහ ගිලන්රථ සඳහා පිටවීම භාවිතා කිරීමට අවසර ඇත.