යුද හමුදාවට ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක්

අප්‍රේල් 29, 2021

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහ එක්සත් රාජධානියේ පිහිටුවා ඇති ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක් ඒකාබද්ධව, හොඳින් වැඩිදුරකට දර්ශනය වන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 500 ක් සහ ආරක්‍ෂක අත්වැසුම් යුගල් 500 ක තොගයක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ඊයේ (අප්‍රේල් 28) දින පරිත්‍යාග කරන ලදී.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු, හදිසි අවස්ථා සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ භාවිතය සඳහා මෙම ආරක්‍ෂිත ඇදුම් සේනාංක සහ බලසේනා අතර බෙදාහැරීමට නියමිතව ඇත.

බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක සහ මීට ප්‍රථම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරයේ රාජකාරි සිදුකර ඇති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොටගේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත මෙම පරිත්‍යාගය ලබාදෙන ලදී.