ත්‍රස්තක්‍රියා හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට පහසුකම් සැලසීම සඳහා කැබිනට් අනුමැතිය

අප්‍රේල් 29, 2021

කැබිනට් අනුමැතිය ලබා දුන් සහන ක්‍රියාමාර්ග පහත පරිදි වේ.

•    ත්‍රස්තක්‍රියා හේතුවෙන්‌ ආබාධිතව සේවයෙන්‌ ඉවත්‌ වු ත්‍රිවිධ හමුදා/පොලිස්‌සාමාජිකයන්‌ වෙත මේ වන විටත්‌ ගෙවන වැටුප්‌ හා දීමනා ඔවුන්‌ මියගිය විට ඔවුන්ගේ යැපෙන්නන්‌ වෙත ගෙවීම.

•    ත්‍රස්තක්‍රියා නොවන වෙනත්‌ මෙහෙයුම්‌ රාජකාරීවල යෙදී සිටියදී ආබාධිත ත්‍රිවිධ හමුදා/පොලිස්‌ සාමාජිකයන්‌ වෙත සහ මියගිය සාමාජිකයන්ගේ යැපෙන්නන්‌ වෙත අදාළ සිදුවීම්‌ පිළිබඳව කමිටුවක්‌ මගින්‌ පරීක්ෂා කර බලා ඉහත සහන හිමිගැන්වීම.

•    පැවති යුධමය වාතාවරණයේ ප්‍රතිඵලයක්‌ ලෙස සිදුවු පශ්චාත්‌ යුධ ක්‍රියාකාරකම්‌ (වෙඩි ද්‍රව්‍ය ඉවත්‌කිරීම වැනි) කාර්යයක නිරත වීමේදී ආබාධිත වූ/මියගිය ත්‍රිවිධ හමුදා/පොලිස්‌ සාමාජිකයින්‌ වෙත අදාළ සිදුවීම්‌ පිළිබඳව කමිටුවක්‌ මගින්‌ පරීක්ෂා කර බලා ඉහත සහන හිමිගැන්වීම.

•    ත්‍රස්තක්‍රියා හේතුවෙන්‌ ආබාධිතව සේවයෙන්‌ ඉවත්‌ වූ ත්‍රිවිධ හමුදා/ පොලිස්‌ සාමාජිකයින්‌ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර මියගිය හොත්‌ ඔවුන්‌ අවුරුදු 55 තෙක්‌ ජීවත්ව සිටින්නේ යැයි සලකමින්‌ ඒ දක්වා වැටුප්‌ හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන්‌ වෙත හිමිගැන්වීම.

•    ත්‍රස්තක්‍රියා හේතුවෙන්‌ ආබාධිතව එම ආබාධිත බව හේතුවෙන්‌ ඇති වූ මානසික ව්‍යාකූලතාවයක්‌ නිසා සිදු වූ සිය දිවි නසා ගන්නා සාමාජිකයකුගේ යැපෙන්නන්‌ වෙත ඔවුන්‌ අවුරුදු 55 තෙක් ‌ජීවත්ව සිටින්නේ යැයි සලකමින්‌ ඒ දක්වා වැටුප්‌ හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන්‌ වෙත හිමිගැන්වීම.