යාපනයේ වැසියන් මාර්ග දෙපස පිරිසිදු කිරීමට යුද හමුදාවට සහාය වේ

අප්‍රේල් 30, 2021

යාපනයේ පදිංචිකරුවන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත සිය සහයෝගය ලබාදෙමින්, තිරුනෙල්වේලි සිට නවාට්කුලි දක්වා මාර්ග දෙපස ඇති පඳුරු සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා බැකෝ ලෝඩර් යන්ත්‍රවල සේවය ලබාදෙන ලදී.

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම, විවිධ ආසාත්මිකතා හා ආසාදන වලින් ජනතාව මුදවාගැනීම සහ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් යුතුව ඔවුන් ප්‍රධාන මාර්ගය දෙපස සහ අතුරු මාර්ග දෙපස සුද්ද පවිත්‍ර කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ මගපෙන්වීම  මත යුද හමුදා භට පිරිස් විසින් ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව මෙම සමාජ සත්කාරය සිදුකරන සිදුකරන ලදී.