යුද හමුදා භටපිරිස්වල දායකත්වයෙන් පාසලක් පිරිසිදු කෙරේ

මැයි 01, 2021

යුද හමුදා 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෑතකදී ශ්‍රමදාන වැඩසටහනක් පවත්වා තේවිපුරම් මධ්‍ය මහා විද්‍යාල භූමිය පිරිසිදු කරන ලදී.

68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාරගේ උපදෙස් පරිදි මෙම ප්‍රජා සත්කාර වැඩසටහන ක්‍රියාත්මක විය.  

දෙමව්පියන් සහ ගුරුවරුන් ද මෙම වැඩසටහන සඳහා දායක විය.