සම්පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 96,478 දක්වා ඉහළට

මැයි 02, 2021

අද (මැයි 02) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1716 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 109,861 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු සිටින අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 375 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 247 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 158 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 919 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (මැයි 02) දින ප්‍රකාශ කරන ලදී.

අද දින වන විට ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 96,458 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 94,516 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 503 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 96,478 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 12,696 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 113 ක පුද්ගලයින් 11,212 නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 9 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව687 දක්වා ඉහළ ගොස් තිබේ.