ගාලු කථිකාව 2021 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

මැයි 02, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දෙදින තුළ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී 11 වන වරටත් පැවැත්වීමට නියමිත  2021 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය වෙනුවෙන් ගාලු කථිකාව 2021 වෙබ් අඩවිය එළිදක්වන ලදි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එළඹෙන සමුළුව සඳහා නිල වෙබ් අඩවිය නාවික හමුදා මූලස්ථානයේදී එළිදක්වන ලද අතර මෙම වෙබ් අඩවිය වෙත galledialogue.lk  හරහා සම්බන්ධ විය හැකිය.

නව වෙබ් අඩවිය තුළින් 2021 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය පිළිබඳ සියළුම විස්තර දැනගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.