නාවික හමුදාව ගිං ගඟේ අපද්‍රව්‍ය ඉවත් කරයි

මැයි 02, 2021

නාවික හමුදාව විසින් ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඇති වක්වැල්ල පාලම තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් ඊයේ (මැයි 01) දින ක්‍රියාත්මක කෙරිණි.

පාලම යට සුන්බුන් සිරවී තිබීම නිසා ගඟේ ජලය ගලා යාමට බාධා පැමිණ ඇත.

දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශය, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනය සහ මැරීන් බලඝනයට අයත් නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා සිරවූ එම අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු සිදුකළ බව නාවික හමුදාව පවසයි.