ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන

මැයි 05, 2021

රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (මැයි 04) දින ස්ථාපනය කරන ලදි.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ඇඳන් 162 න් යුත් වාට්ටු 12 ක් සහ වෛද්‍යවරුන් දෙදෙනෙක්ගෙන් සමන්විත වෛද්‍ය කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.

ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසා දමන ලද කර්මාන්ත ශාලාවක් යොදා ගනිමින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම ද නාවික හමුදා දායකත්වයෙන් පසුගිය මැයි මස 02 වන දින ආරම්භ කෙරිණි.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල පවත්නා ඉඩ පහසුකම් අනුව ඇඳන් 2000ක ප්‍රමාණයක් දක්වා පහසුකම් ලබාදිය හැකි වන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබන බවද නාවික හමුදාව පවසයි.