කිලිනොච්චියේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු යුද හමුදා භාරයට

මැයි 06, 2021

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 4 වන සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් කිලිනොච්චි පොලිස් ස්ථානයේ නිලධාරින් සමඟ එක්ව පසුගියදා කිලිනොච්චිය, ශාන්තිපුරම් ප්‍රදේශයේදී රු. 815,000.00 වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ව්‍යාජ නෝට්ටු උපයෝගී කරගනිමින් ශාන්තිපුරම්හි සාප්පුවකින් භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කිරීමේදී ව්‍යාජ නෝට්ටු සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

කිලිනොච්චි පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.