ගුවන් හමුදා පිහිනුම් ශූරයා ඇගයීමට

මැයි 06, 2021

මෑතකදී ආසියානු දිගු දුර පිහිනුම් වාර්තාව පිහිටුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රොෂාන් අබේසුන්දර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අද (මැයි 6) හමුවිය.

තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත පැමිණ නව වාර්තාවක් පිහිටුවීම වෙනුවෙන් කෝප්‍රල් අබේසුන්දර ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක්විය.

ආරක්ෂක ලේකම්වරයා කෝප්‍රල් අබේසුන්දර වෙත සමරු තිළිණයක් ද පිරිනැමූ අතර ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ද එක්විය.