මාලදිවයින් හිටපු ජනාධිපතිට එරෙහිව ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රි ලංකාව හෙලා දකි

මැයි 08, 2021

ශ්‍රි ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මාලදිවයින පාර්ලිමේින්තුවේ කථානායක හා මාලදිවයින් හිටපු ජනාධිපති ගරු මොහොම්‍ඩ් හෂීඩ් මැතිතුමාට එරෙහිව 2021 මැයි මස 06 වන දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රි ලංකාව විසින් හෙළා දකින බව ප්‍රකාශ කරන ලදි.

මෙම අතිශය තීරණාත්මක අවස්ථාවේදී මාලදිවයින් ජනතාව සහ රජය සමඟ සහයෝගිතාව ප්‍රකාශ කිරිම සඳහා ශ්‍රි ලංකා ජනතාව සහ රජය එක් වන අතර සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බවද මෙම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේි.