යුද හමුදා භට පිරිස් කොඩිකාමම් නගරය විෂබීජහරණය කරයි

මැයි 08, 2021

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 52 වන සේනාංකයේ භට පිරිස් විසින් කොඩිකාමම් නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කිරිමේ ව්‍යාපෘතියක් පසුගිය දිනක සිදුකරන ලදි.

මෙම ව්‍යාපෘතිය මඟින් බස්නැවතුම් පොළ, දුම්රිය ස්ථානය, සුභ සාධක මධ්‍යස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, වෙළඳපොල සහ ජනතාව එක්රැස් වන ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව විෂබීජහරණය කරන ලදි.