යුද හමුදාව වෙතින් තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

මැයි 10, 2021

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෑතකදී භාරතිපුරම් නිරෝධායන මධ්‍යස්ථානය හදිසි රෝහල් පහසුකම් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළේය.    

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සේවා පද්ධතියේ ධාරිතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෞඛ්‍ය අංශයේ නියෝජිතයින් ද මේ සඳහා සහභාගී විය.