සංචරණය සීමා කෙරේ - යුද හමුදාපති

මැයි 10, 2021

රට අගුලු දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳව කලබල නොවිය යුතු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පළාත් අතර ගමන් කිරීම වලක්වා ගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ සංචරණ සීමාවන් පැනවීමට ඉඩ ඇති බව ඔහු පැවසීය.