කන්තලේ ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

මැයි 12, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෑතකදී කන්තලේ යොවුන් සේනාංක පරිශ්‍රය, ඇඳන් 150 ක් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළේය.   

යුද හමුදා ආරංචි මාර්ග වලට අනුව මේ වනවිටත් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය කොවිඩ්-19 අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් කර ඇත.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය නිම කරන ලදි.

මේ සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමන් සහාය ලබා දුන් බව යුද හමුදාව පවසයි.