ගංවතුරෙන් විපතට පත්වුවන්ට සහන

මැයි 15, 2021

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර තත්වයෙන් ආපදාවට ලක්වී සිටින ජනතාව මුදාගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සහන කණ්ඩායම් ඊයේ (14) දින ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වල යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.

මේ වන විට නාවික හමුදා සහන කණ්ඩායම් 13 ක් අවධානම් ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථානගත කර ඇත.