වෙරළාරක්‍ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නීති විරෝධී සංක්‍රමණික උත්සාහයන් ව්‍යර්ථ වේ

මැයි 17, 2021

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලීසිය විසින් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පුද්ගලයින් 30 දෙනෙකු හලාවත සමිඳුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙම නීති විරෝධී ජාවාරම සංවිධානය කළ ජාවාරම්කරු ඇතුළු වයස අවරුදු 29, 30 සහ 40 පමණ වන පිරිමි පුද්ගලයින් සිටි බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගත් අය යාපනය (15), මුලතිවු (07), මඩකලපුව, හලාවත සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

සැකකරුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හලාවත පොලිසිය වෙත භාර දෙන ලදි.