සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා දැඩිසත්කාර ඒකක ඇඳන් 10 ක්

මැයි 18, 2021

යුද හමුදාව විසින් ස්ථාපනය කරන ලද සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතා කිරීම සඳහා අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගම (Upfield Sri Lanka Pvt Ltd) විසින් නව දැඩි සත්කාර ඒකක ඇඳන් 10 ක් පරිත්‍යාග කරන ලදි.

අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ මෙරට ප්‍රධානි සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්‍ෂ අනුරුද්ධ අලුවිහාරේ මහතා විසින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත එම ඇඳන් යුද හමුදා මුලස්ථානයේදී සංකේතාත්මකව ප්‍රදානය කරන ලදි.