විජයග්‍රාහී දිනයේදී ත්‍රිවිධ හමුදාවේ 6744 කට උසස්වීම්

මැයි 19, 2021

මැයි 18 දිනට යෙදී තිබෙන විජයග්‍රාහී දිනයට සමගාමීව 12 වන ජාතික රණවිරු සැමරුම සනිටුහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත, සන්නද්ධ හමුදා සේනාවිධායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ත්‍රිවිධ හමුදාවේ 6744 දෙනෙකුට ඊලග නිළිය සඳහා උසස්වීම් ලබා දෙන ලදී.

ඒ අනුව යුද හමුදාවේ 4741 ක්, නාවික හමුදාව 1968 ක් සහ ගුවන් හමුදාවේ 35 දෙනෙකු වෙත උසස්වීම් ලැබුණි.