ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය රළුවන ලකුණු

මැයි 20, 2021

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, මැයි මස 22 දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 20) කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

එය ඉදිරි පැය 72 කාලයේදී තව දුරටත් සුළී කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී.

මැයි 21 දින සිට නැවත දැනුම් දෙන තුරු, ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුල (13N-20N, 85E-95E) ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

තවද, මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන අනාගත  අනාවැකි පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටී.