අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවේ

මැයි 21, 2021

අද රාත්‍රි 11.00 සිට රටපුරා සංචරණ සීමා පැනවෙන අතර එය අඟහරුවාදා (මැයි 25) අලුයම 4.00 ට ඉවත් කෙරේ.

අඟහරුවාදා රාත්‍රී 11.00 සිට නැවතත් ක්‍රියාත්මක වන සංචරණ සීමා මැයි 28 වන දින අළුයම 4.00 ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සහ ලොරි වල පලතුරු හා එළවළු ප්‍රවාහනය කරන අයට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිය වැඩ කටයුතු කරගෙන යාමට අවසර ඇත.

සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන්හි ඔසුසැල් විවෘතව පවතින බවත් රෝහල්වලට හෝ ඔසුසල්වලට පැමිණෙන අයට ගමනාන්තයට ගොස් ආපසු යාමට අවසර ඇති බවත් ඔහු පැවසීය.