කේරල ගංජා සමග සැකකරුවෙකු මන්නාරමේ දී අත්අඩංගුවට

මැයි 22, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි20) දින මන්නාරම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් කේරල ගංජා කිලෝ 1 ග්‍රෑම් 450ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විකිණීම සඳහා සූදානම් කරන ලද මෙම ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් පමණ් වන මන්නාරම සෙල්වගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු සහ ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම් පොලීසිය වෙත භාරදී තිබේ.

Sinhala.