යුද හමුදාව විසින් කැළණි ගං ඉවුර ප්‍රතිසංස්කරණය කරයි

මැයි 24, 2021

කැළණි ගග පිටාර ගැලීමෙන් ප්‍රදේශය ජලයෙන්  යටවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් ඊයේ (මැයි 23)  හංවැල්ල, ඉහළ පොල්අත්තාව ප්‍රදේශයේ කැළණි ගං  ඉවුරේ  වැලි කොට්ට අතුරා ඉවුරු ඛාදනය අවම කිරීමට කටයුතු කරන ලදී.  

යුද්ධ හමුදා භටපිරිස්, පොලිස් නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගං ඉවුර නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව   10 වන ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් වැලි කොට්ට අතුරා ගං ඉවුරේ ආරක‍්ෂා‍ව තහවුරු කරන ලදී.