සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝකෙරේ

මැයි 24, 2021

රට පුරා සංචරණ  සීමා  පැනවීම ජුනි 7 දක්වා දීර්ඝ  කිරීමට තීරණයක් ගෙන තිබේ.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා දින තුනක් (හෙට, මැයි 31 සහ ජුනි 4) එය ලිහිල් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා පැවසීය.

එය ලිහිල් කිරීමක් පමණක් වන අතර සංචරණ  සීමා ඉවත් කිරීමක් නොවන බව     ඔහු අවධාරණය කළේය .

තවදුරටත් විස්තර කරමින් ජෙනරාල් සිල්වා පවසා සිටියේ හුදෙකලා කරන ලද ප්‍රදේශවල වෙසෙන පුරවැසියන්ට මෙම ලිහිල් කිරීම අදාළ නොවන බවයි.

රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24)  පැවති මාධ්‍ය හමුවකදී මෙම තීරණ ප්‍රකාශයට පත් කරන ලදී.