සංචරන සීමා නීරික්‍ෂණය සඳහා යුද හමුදා සහය

මැයි 25, 2021

රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සහය දැක්වීම සඳහා  බස්නාහිර පළාතේ විශේෂ ක්‍රියාන්විතයන් යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් (QRT), විශේෂ බලකා යතුරු පැදි කණ්ඩායම්, යුද්ධ හමුදා ඩ්‍රෝනා කැමරා සහ පාබල ඒකක කණ්ඩායම් යොදාවා  ඇත.

බස්නාහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් සිදු කළ බව යුද හමුදාව පවසයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සංචරන සීමා ක්‍රියාත්මක වන ආකාරය නීරික්‍ෂණය කිරීමට  පොලීසියට සහාය වීම සඳහා නාවික හා ගුවන් හමුදා භට පිරිස් ද   මෙහෙයුම් සිදු කරනු ලබයි.