ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සමඟ සාකච්ඡාවක්

මැයි 25, 2021

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හෝලි මහතා ප්‍රමුඛ දූත පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (මැයි 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.

මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ගේ නායකත්වයෙන් යුත් දූත පිරිස අතර ආරක්‍ෂාව සම්බන්ධ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

එහිදී ද්විපාර්ශිකව වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳවද  සාකච්ඡා කෙරිණි..

මෙම සාකච්ඡා සදහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව, ජෙනරාල් ගුණරත්න සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර සිහිවටන හුවමාරු කර ගැනීමක්ද සිදුවිය.

මෙම අවස්ථාවට හමුදා සම්බන්ධිකරණ නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, අතිරේක ලේකම් - ආරක්‍ෂක පීබීඑස්සී නෝනිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වුහ.

COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සාකච්ඡා පවත්වන ලදි.