උඩු ගුවනේ සිට නැවට වියළි රසායනික ද්‍රව්‍ය මළු හෙලයි

මැයි 26, 2021

'X-PRESS PEARL' නෞකාවේ ඇති වූ ගින්න මැඩලීම සඳහා අද උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා විසින් වියළි රසායනික කුඩු ගෝනි කිලෝග්‍රෑම් 425 ක් නැව වෙත හෙලූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා අද (26) පැවසීය .

ඔහු තවදුරටත් පැවසුවේ දෙවන වරටත් රසායනික ද්‍රව්‍ය ඉසිම සඳහා ද ගුවන් යානා ගුවන්ගතවී ඇති බවයි.

දැවෙන යාත්‍රාවෙන් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (මැයි 25) සමත් විය.