X-PRESS PEARL නෞකාවේ සුන්බුන් පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ

මැයි 27, 2021

ගින්නෙන් විනාශ වු නෞකාවෙන් වෙරළට ගසාගෙන එන සුන්බුන් පිළිබඳව අවධානය යොමු කරමින් නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ සහ අධිකාරිය ශ්‍රි ලංකා වෙරළාක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ආරක්‍ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව බලධාරින් විසින් දික්ඕවිට සිට හලාවත සහ වැල්ලවත්ත සිට පානදුර දක්වා ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් සහ විවිධ කොටස් දික්ඕවිට සිට හලාවත දක්වා වෙරළ ප්‍රදේශයට පාවී ඒමේ ඉඩකඩක් ඇති බැවින් එවැනි කිසිදු ද්‍රව්‍යයක් ඇල්ලීමෙන් වලකින ලෙස එම ප්‍රදේශයේ ජනතාවට සහ ධීවර ජනතාවට අනතුරු අගවයි.

තවද, ශ්‍රි ලංකා නාවික හමුදාවේ ‘’සිදුරළ’’, නෞකාව ඉන්දිය වෙරළාක්‍ෂක දෙපාර්තමේන්තුව අයත් සාගර පරිසර හානි පාලනය කිරිමේ හැකියාවෙන් යුත් ‘වජ්රා’ (Vajra) සහ ‘විබාව්’ (Vaibhav) යන නෞකාවන් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ඇත.