රුසියානු තානාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

මාර්තු 28, 2019

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටර්රි (HE Mr. Yuri Materiy) මහතා අද (මාර්තු 28) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී රාජ්‍ය අමාත්‍යතුමන් සහ රුසියානු තානාපතිතුමන් අතර ද්විපාර්ශ්වීය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.