පුංගුඩුතිව් වැසියන්ට සහන සලසමින් අක්‍රිය වූ පාලම් පාරුව නාවික හමුදාවෙන් පිළිසකර කෙරේ

මැයි 28, 2021

පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ අක්‍රීයව තිබූ පාලම් පාරුව පිළිසකර කිරීම සඳහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  ඊයේ (මැයි 27) කටයුතු කරන ලදි.

යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම පාලම් පාරුව යොදා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම පාලම් පාරුවේ කොටසක් කුරිකට්ටුවාන් ජැටිය ආසන්න මුහුදේ ගිලී  පැවති බව නාවික හමුදාව තවදුරටත් පවසයි.

නාවික හමුදාව විසින් හැකි සෑම විටම ආපදාවන්ට ලක්වූ දූපත් වැසියන්ට සහයෝගය ලබා දෙන අතර මෙම ක්‍රියාවද රජයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ වැසියන්ගේ පැසසුමට ලක්විය.