යුද්ධ හමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරියේ නියුක්ත වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව මගින් මානව හිමිකම් නිශ්කාෂණ ලබා ගැනීම

මාර්තු 28, 2019

(මාධ්‍ය නිවේදනය)

    ලොවපුරා සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරිම පඳනම් කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රියාවලියේදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත. ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්‍රියාන්විත සඳහා සහභාගීත්වය 1957 වර්ෂයේදී ආරම්භවී ඇති අතර ‘සුවස්’ යුද්ධය නිමකිරිම උදෙසා සහභාගීවූ ප්‍රථම සාම සාධක මෙහෙයුම් ක්‍රියාන්විත භටපිරිස වූයේ පළමුවෙනි එක්සත් ජාතීන්ගේ හදිසි මෙහෙයුම් බලකාය වේ (UNEF 1). ඉන්පසු වර්ෂ 1960 දී ඉතා කුඩා භටපිරිසකින් සමන්විත යුද්ධ හමුදා සමාජික පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ ස්ථාපිත කර ඇත. අප රට තුළ සිදුවූ සිවිල් යුධ තත්ත්වය මත, ඊට දශක කිහිපයකට පසු නැවතත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සඳහා පාබල භටපිරිස් නිරත කරවීම වර්ෂ 2004 වර්ෂයේදී හයිටි රාජ්‍යයෙන් ආරම්භවූ අතර එම ක්‍රියාන්විත සඳහා භටපිරිස් යෙදවීම 2010 වර්ෂයේදි නිමාවට පත්විය.

    මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සඳහා රටවල් 6 ක් සඳහා භටපිරිස් යොදවා ඇති අතර නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ සාම සාධක මූලස්ථානයේ ආරක්‍ෂක මාණ්ඩලික නිලධාරින් ලෙස ද රාජකාරියේ නිරතව සිටි. ලෙබනනය, දකුණු සූඩානයේ හා මාලි යන රාජ්‍යයන් තුළ 400 කට අධික යුද්ධ හමුදා භටයින් ප්‍රමාණයක් රාජකාරියේ නියැලි සිටින අතර, නිලධාරීන් 35 දෙනෙකු මාණ්ඩලික නිලධාරීන් හා යුධ නිරීක්‍ෂකයින් ලෙස එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විත යන්හි හා නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හී නිරතව සිටියි. එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විත භටපිරිස් ලෙස 18600 කට වඩා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සමාජිකයින් සංඛ්‍යාවක් රාජකාරියේ යෙදි සිටි අතර ඔවුන් ලොව පුරා සාමය හා එක්සත් භාවය තහවුරු කිරිම උදෙසා තම දායකත්ව උපරිම අයුරින් කැපකර ඇත.

    යම් සොල්දාදුවෙකු විසින් සුවිශේෂි ‘නිල් හිස් වැස්ම’ පැළදීම සඳහා ඔහු විසින් මානව හිමිකම් උල්ලංඝණය නොකර ඇති බව සහතික කර ගතයුතු අතරම සාම සාධක රාජකාරී සඳහා එය මූළික සුදුසුකමක්ද වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියළු ජාතීන් විසින් මෙය ප්‍රගුණ කර ඇති අතර ඉතා සුවිශේෂි වූ සාම සාධක භටපිරිසක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙය ඉතාමත් උද්යෝගීමත් අයුරින් ක්‍රියාවට නංවා ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඇතුළුව අනෙකුත් සන්නද්ධ සේවාවන්හි හා පොලීසිය මෙම උතුම් හා විශිෂ්ඨ වූ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සඳහා භටපිරිස් තෝරාගැනිමේ ක්‍රියාවලියේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සුවිශේෂි දායකත්වයක් ලබා දෙයි. ශ්‍රි ලංකා යුද්ධ හමුදාව හා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම යන දෙපාර්ෂවය ඉතාමත් සුහදශීලිව මනා සම්බන්ඳ තාවයකින් හා අන්‍යෝන්‍ය අවබෝධයකින් හා ගෞරවයකින් යුතුව මෙම භාරදූර කර්තව්‍යය ඉතා අපහසු කාර්යයක් වුවත් පොදු මහජනතාවට විවෘතව හා විනිවිද භාවයකින් යුතුව ක්‍රියාවට නංවා ඇත.

    මානව හිමිකම් ක්‍රියාවලියේදි දේශීය යාන්ත්‍රනයක් ලෙස ක්‍රියාත්මක වන මෙරට සංවිධානයක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තෝරා ගැනීම අප ලද මහත් භාග්‍යක් වන අතරම අප ශ්‍රී ලාංකිකයින් ලෙස ඉතාමත් පෞඩත්වයට පත්විය යුතුය. කෙසේ වෙතත් සාම සාධක රාජකාරීන් සඳහා දහසක් අයදුම්පත් අතුරින් ත්‍රිවිධ හමුදා භටපිරිස් හා පොලිස් සාමාජිකයින් තෝරාගැනිම ඉතා සූක්‍ෂම පරික්‍ෂාවකට ලක් කළ යුතු අතර එය එතරම් පහසු කාර්යයක් නොවන බැවින් මෙහිදි ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සම් සභාව උපරිම කැපවීමකින් යුතුව සිය දායකත්වය ලබා දෙයි.

    මානව හිමිකම් ක්‍රියාවලියේදි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලබාදෙනු ලබන කඩිනම් වැඩපිළිවෙල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපරිම විශ්වාසනීයත්වයට ලක්ව ඇත. එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සම්බන්ඳව නිවැරදි හා කාලීන තොරතුරු අනවශ්‍ය පුද්ගලයින්ගෙන් නොවිමසා සෘජුවම යුද්ධ හමුදාපතිවරයා හෝ යුද්ධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ වෙතින් ලබාගැනිමෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව පිළිබඳ ගොඩනැගි ඇති යහපත් ප්‍රතිරූපය තවදුරටත් ස්ථාපිත කිරිමට හැකියාව ලැබි ඇත. තම මවුබිමට මහත් කැපවීමකින් යුතුව උපරිම සේවය ලබාදීමෙන් හා ස්වකීය පුරවැසියන්ගේ සිත් දිනාගැනිමෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතියේ අභිවෘර්ධිය තකා නිසැකවම සේවය කරන බව මෙයින් අවධාරනය කරනු ලැබේ.

(නිමාව)

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය