නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මැයි 31, 2021

පවතින වසංගත තත්වය හමුවේ ඇති රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදා නැගෙනහිර නාවික විධානය විසින් ඊයේ (මැයි 30) දින පවත්වන ලදි.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ මගපෙන්වීම යටතේ ලේ බැංකු සමඟ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා 'තිස්ස' ආයතනයේ පෙර පාසල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන පවත්වන ලදි.

තවද, කොවිඩ් 19 වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පැවැත් වු  මෙම මහඟු පුණ්‍ය කර්මය සඳහා නාවික පුද්ගලයින් 275 දෙනෙකු දායක වූ බව නාවික හමුදාව පවසයි.

Sinhala.