මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ආපසු හරවා යැවේ

මැයි 31, 2021

මන්නාරමට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් 40 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් ආපසු හරවා යැවීමට නාවික හමුදා උතුරු මැද නාවික විධානය විසින් මැයි මස 29 වන දින කටයුතු කරන ලදි.

කොවිඩ් 19 වසංගතය මුහුදු මාර්ග ඔස්සේ රට තුලට පැමිණීමේ අවදානමක් ඇති බැවින් එය මැඩ පැවැත්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් මෙරට මුහුදේ ආරක්ෂාව තර කර ඇති බව නාවික හමුදාව පවසයි.