රුපියල් මිලියන 24ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

මැයි 31, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව දින දෙකක් පුරා (මැයි 30,31) පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 80 කට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා උතුරු නාවික විධානය මඟින් ඊයේ (30) දින සිදුකළ පාමුර සංචාරයකදී වෙරළේ නවතා තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර එහි පොලිතීන් උර තුළ සූක්ෂම ලෙස අසුරා සඟවා තිබූ කිලෝ 48 කට අධික කේරල ගංජා තොගයක් සොයාගෙන තිබේ.

තවද, එම ස්ථානයේ තිබී සැකකටයුතු යතුරු පැදි දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අද දින එම ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී වසා තිබූ ගොඩනැගිල්ලක් පිටුපස උර දෙකක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 31 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත .

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ යතුරුපැදි දෙක පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදුන් බව නාවික හමුදාව පවසයි.