කුරිච්චකර්නි ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ

ජුනි 05, 2021

කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් කුරිච්චකර්නි ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පරිවර්තනය කර ඇත.

එකවර රෝගීන් 70 දෙනෙකුට පහසුකම් ලබා දිය හැකි මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍යය බලධාරින්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා යුද හමුදා  15 වන පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් ඉදි කර  ඇත.