ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීමට හමුදා මෙහෙයුම්

ජුනි 06, 2021

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අත්තනගල්ල, කැටකලපිටිය ප්‍රදේශවල සෝදිසිකිරීමේ හා මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී.

මේ අතර, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ගංවතුරෙන් විපතට පත් 66 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව බේරාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව කඩිනමින් ක්‍රියාත්මක වේ.