අවශ්‍ය සේවා වාහන සඳහා විශේෂ ස්ටිකරයක්

ජුනි 06, 2021

සංචරණ සීමා පවතින කාලසීමාව තුළදී කොළඹ නගරයට ඇතුළු වන අත්‍යවශ්‍ය සේවාවන්හි වාහන සඳහා ස්ටිකර් ක්‍රමයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, හඳුනාගැනීම සඳහා වෙනම වර්ණ කේත වලින් යුත් විශේෂ ස්ටිකර් 11ක් හදුන්වා දී ඇති බව පොලිසිය පවසයි.

මෙම නව ස්ටිකර් ක්‍රමය හෙට (ජූනි 7) දින සිට ක්‍රියාත්මක වන අතර, එය සංචරණ තහනම පනවා ඇති සමස්ත කාලසීමාව සඳහා වලංගු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

වර්ණ කේත සහ අදාළ අංශ පහත පරිදි වේ.

සෞඛ්‍ය සේවා -   කොල
ත්‍රිවිද හමුදා/පොලිස් -   නිල්
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම -   රතු
අත්‍යවශ්‍ය සේවා සැපයීම -   කහ
රාජ්‍ය අංශය -   රෝස
ආනයන/අපනයන -   දුඹුරු
ආහාර බෙදා හැරීම -   අලු
පෞද්ගලික අංශය -   දම්
මාධ්‍ය -   තැඹිලි
ගුවන්තොටුපල ගමන් -   සුදු
හදිසි -   කළු