මුහුදේදී රෝගාතුරු වූ ධීවරයෙක් නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි

ජුනි 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූනි 7) දින බහු දින ධීවර යාත්‍රාවකදි හදිසියේ රෝගාතුරව අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී.

බේරුවලට නිරිත දෙසින් නාවික සැතපුම් 85 ක් (කි.මී. 157) පමණ දුරින් ගැඹුරු මුහුදේ   මෙරටට අයත් බහුදින ධීවර යාත්‍රාවක සිටියදී ඔහු අසාධ්‍ය තත්වයට පසුවූ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවේ ‘සයුර’ නෞකාව මගින් ඔහු ගාල්ල මුහුදු සීමාවට රැගෙන්විත්, පසුව වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.