දකුණු සුඩානයේ තුවාලකරුවන් ගුවනින් ප්‍රවාහනයට ශ්‍රි ලාංකික වෛද්‍ය කණ්ඩායම්

ජුනි 10, 2021

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහල් රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම විසින් අවදානම් තත්වයේ සිටි රෝගීන් ගුවනින් බෝර් සිට ජූබා සහ එන්ටැබ් දක්වා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාන්විතයන් මෑතකදී සිදුකරන ලදී.

ශල්‍යාගාර පහසුකම් ඇතුළු ව තුවාලකරුවන් ගුවනින් ප්‍රවාහනය කරන වෛද්‍ය කණ්ඩායම් දෙකකින් මෙම ඒකකය සමන්විත වේ.

දකුණු සුඩානයේ ශ්‍රී ලංකා සාම සාධක හමුදා වෛද්‍ය කණ්ඩායම තුවාලකරුවන් ගුවනින් ප්‍රවාහනය කර සාර්ථකව ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

මේ සියලුම ශල්‍යකාර්ම සහ වෛද්‍ය කටයුතු වලට අමතරව කොවිඩ් 19 වෛරසයෙන් පීඩාවට පත් රෝගීන් සඳහාද ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුකරන බව යුද හමුදාව වැඩිදුරටත් පැවසිය.