සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

ජුනි 11, 2021

දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි 21(සදුදා) අලුයම  4.00 දක්වා තව දුරටත් දීර්ඝ කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින ඉවත් නොකෙරේ.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්තශාලා, ප්‍රධාන ඉදිකිරීම් ස්ථාන, සති පොල, කෘෂිකාර්මික කටයුතු හා කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක වීමට අවසර දෙන බව හමුදාපතිවරයා තහවුරු කළේය.