යුද හමුදාවෙන් දිළිඳු ජනතාව වෙත වියලි ආහාර ද්‍රව්‍ය සහ එළවළු

ජුනි 12, 2021

මුලතිව් ආරක්ෂක සේනාවට අයත් 59 සේනාංකයේ යුද හමුදා  භටපිරිස් විසින් අලම්පිල්, කල්ලපාඩු, සෙල්වපුරම්, වන්නිකුලම්, මුල්ලියාවෙලි සහ වඩ්ඩුවාකල් යන ප්‍රදේශ වල දිළිඳු පවුල් සඳහා එළවළු මලු බෙදා දෙන ලදී.

මේ අතර, 2 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් වැල්ලම්පිටිය, කඩුවෙල සහ කැලණිමුල්ල යන ප්‍රදේශවල ගංවතුරින් පීඩාවට පත් දිළිඳු පවුල් වෙත වියලි ආහාර ද්‍රව්‍ය මලූ සහ පානීය ජල බෝතල් බෙදා දෙන ලදී.

යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් යුතුව දානපතියන්ගේ අනුග්‍රහයෙන් මෙම භාණ්ඩ බෙදාදීම සිදුකල බව ඔවුන් පවසයි.

Sinhala.