රුපියල් මිලියන1758 ක් වටිනා හෙරොයින් තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 13, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දිනක වැලිගම පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්රෑම් 219.8 සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් මිලියන 1758 පමණ වටිනා මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර ඒවා බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන පැමිණ ඇති බව නාවික හමුදාව පවසයි.

ඩිංගි යාත්‍රාව, බහුදින ධීවර යාත්‍රාව අතුලු මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නාවික හමුදාව විසින් සිදු කරනු ලැබේ.

සෞඛ්‍ය ආරක්ෂණ  මාර්ගෝපදේශ වලට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.