ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂකයින් සඳහා වැඩමුළුවක්

ජුනි 14, 2021

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂකයින් සඳහා ජෙට් ස්කී ක්‍රියාකරු පුහුණු වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.

බලපිටියේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක ජීවිතාරක්ෂක පුහුණු පාසලේදී මෙම වැඩසටහන පවත්වන ලද්දේ ජල යාත්‍රා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම පිළිබඳ ජීවිතාරක්ෂකයන්ගේ කුසලතා දැනුවත් කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා ය.

මේ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෙට් ස්කී සහ මෝටර්ස්පෝර්ට් සංචිතයේ වෘත්තිකයන් විසින් පවත්වන ලද වැඩසටහනට ජීවිතාරක්ෂකයින් 29 දෙනෙකු සහභාගී වූ බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.