දෝව ප්‍රදේශයේ ඇතිවූ ලැව්ගින්න යුද හමුදා දායකත්වයෙන් මැඩපැවැත්වේ

ජුනි 17, 2021

බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ වැවේගොඩ කඳුවැටියේ මෑතකදී හදිසියේ ලැව් ගින්නක් හටගත් අතර වනජීවී නිලධාරීන් විසින් සිදුකල ඉල්ලීමකට අනුව යුද හමුදා 112 බලසේනාවේ භට පිරිස්වල සහයෝගයෙන් එම ලැව් ගින්න මැඩපවත්වන ලදී.

තවද, බදුල්ල එලදළුව, දෙමටවැල්හින්න ප්‍රදේශයේ හදිසියේ හටගත් ලැව් ගින්නක් මැඩපැවැත්වීමට යුද හමුදා භටපිරිස් කටයුතු කර ඇති අතර 112 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකර ඇත.